22 හැවිරිදි තරුණියකගේ සිරුර ලැගුම්හල් කාමරයක පිහිටි නාන කාමරයේ එල්ලෙමින් තිබියදී සොයා ගත් බව රක්වාන පොලිසිය පවසයි.
මෙම තරුණිය ඇයගේ පෙම්වතා බව කියන 23 හැවිරිදි තරුණයෙකු සමඟ රක්වාන, පනාවල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගොස් ඇති අතර මෙම තරුණයා විසින් තරුණිය එම කාමරයේ තබා දිවා ආහාරය ගෙන ඒමට පිටව ගොස් තිබේ.
තරුණයා දිවා ආහාරයද රැගෙන යළි පැමිණ අවස්ථාවේ ඔහුගේ පෙම්වතිය කාමරයේ නානකාමරය තුළ එල්ලී සිටින අයුරු දැක ඇත.
පොලීසිය පවසන්නේ මෙම තරුණිය ඇඳ සිටි ඇඳුමේ කොටසකින් නානකාමරේ එල්ලී සිට ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ තරුණයා මේ බව ලැගුම්හලේ සේවකයින්ටද දන්වා ඔවුන්ගේ සහාය ඇතිව ඇය කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම තරුණිය එල්ලී සියදිවි නසා ගත්තේද එසේත් නැත්නම් අපරාධයක් සිදුකර ඇත්දැයි යන්න සොයාගැනීමට මෙය සැක කටයුතු මරණයක් ලෙස සලකා රක්වාන පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.