සෑම පැය තුනකට වරක්ම රිය අනතුරුවලින් මෙරට පුද්ගලයින් හතරදෙනෙකු මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජූලි 03 වැනිදා සිට ජාතික අනතුරු නිවාරණ සතියක්ද ක්‍රියාත්මකය.
ජාතික අනතුරු වැළැක්වීම සහ කළමණාකරණ වැඩසටහනේ කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පැවසුවේ අනතුරු හේතුවෙන් වාර්ෂිකව 12,000 ක් පමණ ජීවිතක්ෂයට පත්වන බවයි.