― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතායිලන්තයෙන් ශ්‍රී ලංකාවට තවත් පරිත්‍යාගයක්

තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට තවත් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ‘ද්විත්ව කරමල් කැසොවරි’ (Double Wattled Cassowary) කුරුල්ලන් තිදෙනකු (05) දින රාත්‍රී තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.

මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කැසොවරි කිරිල්ලියක 07/05 දින රාත්‍රී 11.10 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබේ.

උස අඩි 05 ක් පමණ වැඩෙන, කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන මෙම කැසොවරි කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් වේ. ඉතාම වර්ණවත් මෙම කුරුල්ලන්ට අහසේ පියාඹිය නොහැකි වීම විශේෂත්වයකි.

මෙම සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් මීමින්නන්, කළු වදුරන්, රිළව්, වළිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කීපයක්ම යැවීමට සූදානම් කර තිබේ.

මෙසේ තායිලන්තයේ සිට ගුවන් මගින් පැමිණ තිබූ කැසොවරි කුරුල්ලන් භාර ගැනීම සදහා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය, සත්ව පාළක අශෝක ජයලත් සහ සත්ව භාරකරු අසංක ප්‍රනාන්දු යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියා .