― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඔමික්‍රෝන් ආසාදිතයින් දැඩි අවදානම් තත්ත්වයක

ඔමික්‍රෝන් ආසාදිතයින් දැඩි අවදානම් තත්ත්වයක

මේ වනවිට මෙරටින් හඳුනාගන්නා සියලුම කොවිඩ් රෝගීන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඔමික්‍රෝන් ආසාදිතයින්ට නැවත නැවත වෛරසය ආසාදනය වීමේ ඉහළ හැකියාව පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේය.

“අද මේ වන විට කොවිඩ් මර්දනයේදී ඔමික්‍රෝන් ප්‍රභේදය හා සමග මතු වී තිබෙන තත්ත්වය ගැන තමයි මේ දිනවල වැඩිපුරම අවධානය යොමු කරන්නේ. ඒ මක්නිසාදයත් දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම වාර්තා වෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති අය බව තමයි තහවුරු වන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආසාදනය වූ රෝගියෙකුට නැවත ඔමික්‍රෝන් ප්‍රභේදයම ආසාදනය විය හැකියි. කිහිප වතාවක්ම ආසාදනය විය හැකියි. කතා බහක් තිබුණා මෙය එතරම් බරපතළ ප්‍රභේදයක් නෙවෙයි කියලා. නමුත් ඒක වැරදි අදහසක් බරපතළ රෝගීන් දකිනවා තවමත්. ඔමික්‍රෝන් තත්ත්වය නිසා ICU ගත වෙච්ච රෝගීන් සිටිනවා. එම නිසා එන්නත්කරණයෙන් ප්‍රතිශක්තිය ඉහළ දමා ගැනීම අත්‍යාවශයයි.”

මේ අතර ඔමික්‍රෝන් ආසාදනය වීමෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන බොහෝ පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් බව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් පවසයි.

“කණගාටුවෙන් හරි කියන්න වෙනවා තාම අපේ දැඩි සත්කාර ඒකකවලට එකම එක වැක්සීන් ඩෝස් එකක්වත් ගහපු නැති අය එනවා. ඒකට හේතුව මේච්චර කල් මාස්ක් එක දාගෙන, ගෙවල්වලට වෙලා හැංගිලා, රස්සාවට යන්නෙත් නැතුව තියෙන තරම් උපරිම ක්‍රියාමාර්ග අරගෙන බේරිලා හිටියා. හැබැයි මේ පාර ඔමික්‍රෝන්ගෙන් නම් බේරිලා ඉන්න වෙන්නේ නෑ. තවම එකම වැක්සීන් එකක්වත් ගහලා නැති අයට මම කියනවා. අපේ දැඩි සත්කාර ඒකකවලට එන්න එපා. වැක්සීන් එක ගහගන්න කියලා. අනිත් එක වැක්සීන් ඩෝස් දෙක ගහපු අයත් අපේ දැඩි සත්කාර ඒකකවලට එහෙන් මෙහෙන් පැමිණෙනවා. හැබැයි ඒ අය බොහෝමයක් හොඳ වෙලා ගෙදර ගියා. වැක්සීන් එකට පින්සිද්ධ වෙන්න අපිට ගොඩක් අය බේර ගන්න පුළුවන් වුණා.”