― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅනියම් සැමියා කාන්තාවක් අතින් අවසන් ගමන් යයි

අනියම් සැමියා කාන්තාවක් අතින් අවසන් ගමන් යයි

රුවන්වැල්ල – දොරණුව ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවක් විසින් ඊයේ සවස සිය නිවස තුළදී අනියම් සැමියා යැයි පැවසෙන 54 හැවිරිදි විවාහක පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම – අළුත්අම්බලම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් 53 හැවිරිදි කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොච්චාරණය කර ඇති පරිදි පටියකින් ගෙල සිරකර එම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව සිය විවාහක සැමියාගෙන් වෙන්ව ජීවත්ව ඇති අතර මියගිය පුද්ගලයා සමඟ වසර දෙකක පමණ කාලයක සිට අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.