― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාපැදියෙන් රැකියාවට එන්න කැබිනට් අනුමැතිය

පාපැදියෙන් රැකියාවට එන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියට මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම හඳුන්වා දීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් ගෙන එනු ලැබූ අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය තුළින් වායු දූෂණය අවම කිරීම මෙන්ම ශරීර සෞඛ්‍ය, වාතයේ ගුණාත්මකභාවය, පරිසරය, දේශගුණික විපර්යාස සහ පුද්ගල මූල්‍ය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන බව පරිසර අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව පවතින මාර්ග සඳහා සුදුසු පාපැදි මංතීරු සලකුණු කිරීම සහ පදිකයින් සඳහා වන දැනට පවතින ඇවිදීමේ මංතීරු වැඩිදියුණු කිරිම, අනාගතයේදී ඉදිකරනු ලබන මාර්ග සඳහා පාපැදි සහ ඇවිදින මංතීරු ඇතුළත් කිරීමට පියවර ගැනීම, රජයේ කාර්යාල කාර්යමණ්ඩල සඳහා පාපැදි භාවිතය දිරි ගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම,
කාර්යාලවල පාපැදි භාවිත කරන්නන් සඳහා ඒවා නවතා තැබීමේ ස්ථාන සහ ඒ සඳහා ප්‍රවේශය ඇතුළු අවශ්‍ය පහසුකම් සපයා දීමට මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.