32.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුණු ට්‍රැක්ටරයෙන් වැලිගමට බෙදන ත්‍රිපෝෂ

කුණු ට්‍රැක්ටරයෙන් වැලිගමට බෙදන ත්‍රිපෝෂ

ගැබිණි මව්වරුන්ට සහ අඩු බර සහිත දරුවන්ට නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ බෙදාහැරීමට වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් කැළි කසළ ප්‍රවාහනය කරනු ලබන ට්‍රැක්ටරයක් යොදාගන්නා බව මහජනතාව පවසනවා.

මේ පිළිබඳව අප වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තේජා ජයසේකරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සම්පත් සීමා සහිත බවත් ඉන්ධන කෝටාව ද ලබාදෙන්නේ අඩුවෙන් බවත්ය.

එමෙන්ම මෙවැනි ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය විශාල වාහනයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සතුව නොමැති බවත්, එවැනි වහනයක් මුදල්වලට ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ හේතුවෙන් මෙවැනි ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය රථයක් නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටීම හැර වෙනත් පිළියමක් නොමැති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ.

එලෙස සිදුකළ ඉල්ලීමකට අනුව වැලිගම ප්‍රාදේශීය සභාවෙන් ලබාදුන් ට්‍රැක්ටර් රථයකින් මෙලෙස ගැබිණි මව්වරුන්ට සහ අඩු බර සහිත දරුවන්ට නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ ප්‍රවාහනයට සිදුවූ බව ඔහු සඳහන් කර සිටියා.