දැනට පැවති කම්කරු නීතිය වෙනස් කරමින් අද ලෝකයට ගැලපෙන පරිදි නව නීතියක් සකස් කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.
නවීන වැඩ ලෝකයට ගැලපෙන පරිදි කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (06) පස්වරුවේ ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කිරීමටද එමගින් පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවටත් නව කම්කරු නීතියේ දැක්වේ.


