එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය හමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කණ්ඩායමට ලබාදීමටයි.
අද තරගයේ දී ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා වෙනුවට සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබෙනවා.


