සෑම තේ කිලෝ සියයකටම සෙස් බද්ද රුපියල් 400කින් වැඩි කර තිබෙනවා.
මෙම බදු වැඩිවීමට අදාළ ගැසට් නිවේදනය වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ විසින් පසුගිය මස 21 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ 13(01)(අ) වගන්තිය යටතේ ඔහුට පවරා ඇති බලතල අනුව, සෑම කිලෝග්‍රෑම් සියයකටම රුපියල් 400ක සෙස් බද්දක් අය කරන බව ගැසට් නිවේදනයේ සඳහන්.


