― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldජෝ බයිඩ්න් ලන්ඩනයට

ජෝ බයිඩ්න් ලන්ඩනයට

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ලන්ඩනයට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලිතුවේනියාවේ පැවැත්වෙන නේටෝ සමුළුවකට සහභාගි වීම සඳහා යන අතරතුරයි අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස බ්‍රිතාන්‍යය වෙත පැමිණ ඇත්තේ.

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් සහ තුන්වන චාල්ස් රජු මුණගැසීමේ අරමුණින් ඔහු බ්‍රිතාන්‍යය වෙත ළඟා වී ඇති අතර පළමුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් සමඟ සාකච්ඡාවකට සහභාගි වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන් අනතුරුවයි වින්ඩ්සර් මන්දිරයේදී තුන්වන චාල්ස් රජු මුණගැසීමටද අමරිකානු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති අතර නේටෝ සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ෆින්ලන්තයට යාමටද නියමිතය.