26.7 C
Colombo
Wednesday, February 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිදියගම සතුන් ගැන ලේඛනයක් නැහැ - කෝපා කමිටුව

රිදියගම සතුන් ගැන ලේඛනයක් නැහැ – කෝපා කමිටුව

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව විධිමත් ලේඛනයක් පවත්වාගෙන ගොස් නැති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එහිදී සත්ව ඝාතන, කූඨ ලේඛන සකසමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව ලබා දුන් ගිනිඅවි, රිදියගම සෆාරි උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සිදුකළ බව කියන බුරුත ගස් ජාවාරම්, මත්පැන් ජාවාරම්, කුරුලු බිත්තර ජාවාරම් ඇතුළු අක්‍රමිකතා අනාවරණ කළ සිදුවීම් අතරට අයත්.