― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldසංක්‍රමණිකයන් 200ක් රැගත් බෝට්ටුවක් ස්පාඤ්ඤ මුහුදේදී අතුරුදන්

සංක්‍රමණිකයන් 200ක් රැගත් බෝට්ටුවක් ස්පාඤ්ඤ මුහුදේදී අතුරුදන්

සෙනගාලයේ සිට ස්පාඤ්ඤයේ කැනරි දූපත් දක්වා සංක්‍රමණිකයන් 200ක් පමණ රැගත් බෝට්ටුවක් අතුරුදන් වී තිබේ.

සතියකට වැඩි කාලයකට පෙර අතුරුදන් වූ අප්‍රිකානු සංක්‍රමණිකයන් 200ක් පමණ රැගත් බෝට්ටුව සෙවීම සඳහා ස්පාඤ්ඤ ගලවාගැනීම්කරුවන් කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ සෝදිසි කිරීම් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් 200ක් පමණ රැගත් බෝට්ටුව ජූනි 27 වැනිදා ටෙනරීෆ් සිට දළ වශයෙන් 1,700ක්ම් දුරින් පිහිටි දකුණු සෙනගල්හි වෙරළබඩ නගරයක් වන Kafountine සිට යාත්‍රා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රදේශයේදීම පුද්ගලයන් රැගත් තවත් බෝට්ටු දෙකක්ද අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇති අතර එක් බෝට්ටුවක පුද්ගලයින් 65 ක් පමණ සිටින බවත් අනෙක් බෝට්ටුවේ 60 දෙනෙක් පමණ සිටින බවත් විශ්වාස කරන බවයි පවසා ඇත්තේ.