― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකිරි පිටි ආනයනය නැවතීමේ සූදානමක්

කිරි පිටි ආනයනය නැවතීමේ සූදානමක්

2024 වසර වනවිට කිරි පිටි ආනයනය නතර කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරි පිටි ආනයනය සඳහා සෑම වසරකදීම ඇමරිකානු ඩොලර් මිලියන හයසියයකට වැඩි මුදලක් වැය කරන බවත් කිරි කර්මාන්තය නංවාලීම මගින් රට තුළම රටට අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතින බවත්ය.

වෙළෙඳපොළේ වාර්ෂික කිරි ඉල්ලුම සපුරාලීමට කිරි ලීටර් මිලයන හත්සිය පනහක් අවශ්‍ය බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ.