27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙදෙනෙක්ට දිවි අහිමි වූ බස් - කන්ටේනර් අනතුර

දෙදෙනෙක්ට දිවි අහිමි වූ බස් – කන්ටේනර් අනතුර

අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙම අනතුරින් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කූරගල වන්දනාවේ පැමිණ ආපසු යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 71 සහ 32 යන වයස්වල පසුවූ තලාව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්. තුවාලකරුවන් අඹන්පොල සහ ගල්ගමුව යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.