― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිස් අණ නොතකා රේස් පැද්ද සුරූපිණියන් තිදෙනා අත්අඩංගුවට

පොලිස් අණ නොතකා රේස් පැද්ද සුරූපිණියන් තිදෙනා අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදී අණ නොතකා ඩිෆෙන්ඩර් රථයක් පැදවූ සුරූපී තරුණියක් ඇතුළු තරුණියන් තිදෙනෙක් මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ඉදිරියට ධාවනය වෙමින් තිබූ ඩිපෙන්ඩර් රථය නැවතීමට මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර තිබූ අතර ඊට අවනත නොවී මග හැර යාමට එය පැදවූ තරුණිය කටයුතු කර තිබූ බව පොලිසිය පවසයි.

වහා ක්‍රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් රථයේ ලියාපදිංචි අංකය සමග මෙහෙයුම් මැදිරිය දැනුම්වත් කිරීමට පියවර ගත් අතර මරදාන ටෙක්නිකල් හන්දියේ දී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඩිපෙන්ඩර් රථය රථය නැවතීමට සංඥා කර තිබූ බව එම නිලධාරියා පැවසීය.

ඊටද අවනත නොවී ඉදිරියට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථය කැලෑ පොළ හන්දිය ආසන්නයේ සිටි රථවාහන අංශයේ නිලධාරීන් එය ද නැවතීමට සංඥා කිරීමෙහිදී ඊට අවනත නොවී එහි රියැදුරු ලෙස කටයුතු කළ තරුණිය රථය ඉදිරියට ධාවනය කිරීමේදී ඒ පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ට්‍රිපොලි ක්‍රීඩාංගණය අසළදී ඩිෆෙන්ඩර් රථය නවතා ගැනීමට සමත් වී තිබූ බව උසස් පොලිස් නිලධාරියා කීය.

එහිදී රියදුරු ලෙස කටයුතු කළ තරුණිය සහ අනිත් තරුණියන් හා පොලිස් නිලධාරීන් සමඟ බහින්බස්වීමක්ද සිදුව ඇති අතර ඩිෆෙන්ඩර් රථය නවතා එහි රියදුරු ලෙස කටයුතු කළ තරුණිය ඇතුළු තරුණියන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

රියදුරු ලෙස කටයුතු කළ තරුණිය මත්පැන් පානය කර සිටී දැයි පරික්ෂා කිරීමටද කටයුතු කර ඇති අතර අත්අඩංගුවට ගත් තරුණියන් කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූවන් බවත් නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 වයස් සීමාවල තැනැත්තියන් බවත් අනාවරණය වී තිබේ.

සැකකාර තරුණියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.