― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආනයන සීමා තවදුරටත් ලිහිල් කෙරේ

ආනයන සීමා තවදුරටත් ලිහිල් කෙරේ

ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ආනයන සීමා තවදුරටත් ලිහිල් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හෝමාගම පැවති උත්සවයක් අමතමිනි.

පසුගිය වසරට සාපේක්‍ෂව රටේ තත්ත්වය සැලකිය යුතු ලෙස දියුණු වී ඇති බවත් ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හොඳ නමක් දිනා ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් සිදු කළ යුතු බව එහිදී පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ එම ප්‍රතිසංස්කරණ සිදුකරන අතරවාරයේදී ජාත්‍යන්තර සංවිධාන සහ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාවට සහය පළ කරන බවයි.