උතුරු අයර්ලන්තයේ නව අවන්හලක් සඳහා කරන ලද කැණීම්වලින් ඇටසැකිලි 100 ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඇටසැකිලි වසර 1000ක් පැරණි බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත.
මෙම සුසාන භූමිය 12 වන සියවසේදී ඇබේහි ශාන්ත මරියා (Abbey, St Mary’s) ප්රදේශයෙනුයි සොයාගෙන ඇත්තේ.
අවම වශයෙන් මෙම ඇටසැකිලිවලින් දෙකක් 11 වන සියවසේ මුල් භාගයට අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.