― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිල් කටරොළු අපනයනයෙන් ඩොලර් මිලියන 10ක්

නිල් කටරොළු අපනයනයෙන් ඩොලර් මිලියන 10ක්

මේ වනවිට වාර්ෂිකව නිල් කටරොළු මල් අපනයනය කිරීම මගින් ඩොලර් මිලියන දහයක පමණ විදේශ විනිමයක් මෙරටට ලැබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

අලංකාරය සඳහා වගා කළ නිල් කටරොළු වාණිජ වගාවක් ලෙස සිදුකර අපනයනය කිරීම හරහා මේ වනවිට මෙරට ව්‍යවසායකයන් විශාල විදේශ විනිමයක් උපයන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මෙරට නිල් කටරොළුවල පවතින ස්වාභාවික තද නිල් පැහැය හේතුවෙන් බොහෝ විදෙස් රටවලින් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බැවින් මේ වනවිටත් පෝලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවලට මෙම මල් අපනයනය සිදුකරනු ලබයි.

ස්වාභාවික වර්ණකාරකයක්, රසකාරකයක් මෙන්ම සුවඳ කාරකයක් ලෙස මෙම නිල් කටරොළු භාවිත කරන බවත් නිල් කටරොළු මල් විජලනයට ලක්කර සම්පූර්ණ මල ලෙසත්, කුඩු ලෙසත්, කැබලි ලෙසත් අපනයනය කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.