― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකැළණි සරසවිය දලයි ලාමා තුමන්ගේ උපන්දිනය සමරයි

කැළණි සරසවිය දලයි ලාමා තුමන්ගේ උපන්දිනය සමරයි

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමාගේ 88 වැනි උපන්දිනය ලොව පුරා සැමරීමට එක්වෙමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානවවේදය පිලිබඳ පීඨයද උපන්දින සැමරුමක් සංවිධානය කරන ලදී.

ඉකුත් 06 වැනිදා දලයි ලාමා තුමාගේ උපන්දිනය යෙදී තිබුණි. ඒ වෙනුවෙන් මෙම උත්සවය ඉකුත් 08 වැනිදා පැවැත්විණි. විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය, බෞද්ධ සහෝදරත්ව පදනම, ඉතිහාසය සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව හා පෙරදිග අධ්‍යයන අංශය සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය එක්ව මෙය සංවිධානය කරනු ලැබීය. මෙහි ප්‍රධාන දේශනය ටිබෙටයේ මධ්‍යම විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ගේෂි නගාවන්ග් සම්තෙන් මහතා විසින් පවත්වනු ලැබීය.

ටිබෙට් ජනතාවගේ ආධ්‍යාත්මික සහ ආගමික නායකයා වන දලයි ලාමා තුමා සතිපට්ඨාන සුත්‍රය සහිත සගරාවක් ලොව පුරා ප්‍රචලිත කිරීමට සමත් විය. එතුමා ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් ලියා ප්‍රකාශයට පත් කර ඇත. බෞද්ධ ධර්මය පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත එතුමා සූත්‍ර, අභිධර්මය, විනය සහ බොහෝ බෞද්ධ වැඩසටහන් ඉදිරිපත් කරමින් බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අමිල මෙහෙවරක යෙදී සිටිති.

සාමය වෙනුවෙන් 1989 වසරේ දී නොබෙල් ත්‍යාගය ද එතුමා හිමි කරගෙන තිබේ.