28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කි කතකට බසයේදී කැත වැඩක් කළ කෝප්‍රල් අත්අඩංගුවට

තුර්කි කතකට බසයේදී කැත වැඩක් කළ කෝප්‍රල් අත්අඩංගුවට

පෞද්ගලික බස් රථයක් තුළදී තුර්කි ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් කළ යැයි කියන යුද හමුදා කෝප්‍රල්වරයෙක් දඹුල්ල මුලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ මෙම සිදුවීම සිදුව තිබෙනවා. තුර්කි කාන්තාව ඇයට සිදු වූ බව කියන ක්‍රියාව ගැන මගීන්ට දැනුම් දීමෙන් පසු මගින් විසින් සැකකරු අල්ලා දඹුල්ල මූලස්ථාන පොලිසියට බාර දී ඇත. පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු යුද හමුදා කෝප්‍රල්වරයකු බවට හෙලි වී ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක රාජකාරි කරන මාතලේ ප්‍රදේශයේ පදිංචි කෝප්‍රල්වරයෙකි.

දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.