25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅනුරාධපුර - ඕමන්තේ දුම්රිය මාර්ගය වැසෙයි

අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය වැසෙයි

අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාර්තු 05 වැනිදා සිට මාස 05ක කාලයක් සදහා වසා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සදහා මෙම පියවර ගෙන තිබේ. ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩුකරගැනීම වෙනුවෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.

ඒ අනුව මාර්තු 05 වැනිදායින් පසු කොළඹ සිට අනුරාධපුරය බලා පමණක් දුම්රිය ගමන් කිරිමට නියමිතය. ඒ හේතුවෙන් යාපනය සිට කිළිනොච්චිය දක්වා පමණක් දුම්රිය ධාවනය වනු ඇත. අදාළ ගමනාන්ත අසළින් අනුරාධපුරයේ සිට යාපනය දක්වා බස් සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පැවසීය.