― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිද්‍යා පීඨ සිසුන් බඳවා ගැනීමත් කල් යයි

විද්‍යා පීඨ සිසුන් බඳවා ගැනීමත් කල් යයි

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට නවක සිසුන් බඳවා ගැනීම තවදුරටත් කල් ගතවන තත්ත්වයක් උද්ගත වී තිබේ.

මීට හේතුව ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නවක සිසුන් බඳවා ගැනීමෙන් ගුරු අධ්‍යාපනඥයන් ඉවත්ව සිටීම හා විද්‍යා පීඨවල පවතින අඩුපාඩු සපුරාලීමට මෙතෙක් නොහැකි වීමයි.

පවතින ආර්ථික අර්බුදය මත පීඨවලට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබා දීම සඳහා මුදල් වෙන් කළ නොහැකි හෙයින් හදිසි පහසුකම් ලබා දීම සඳහා පමණක් ලෝක බැංකුවෙන් ආධාර ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි එහි උසස් නිකධාරියෙක් සඳහන් කළේ.

සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වන්නේ කලින් සැලසුම් කර තිබූ ආකාරයට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම, ගුරු සේවයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව ඇති වී තිබෙන වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වැටුප් වර්ධක දොළහක් ලබා දීම මෙන්ම පීඨවලට අවශ්‍ය පහසුකම් ලබා දීමයි.