27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩිංගි බෝට්ටුවකින් රත්තරන් කිලෝ 08ක් හමුවෙයි

ඩිංගි බෝට්ටුවකින් රත්තරන් කිලෝ 08ක් හමුවෙයි

මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රන් කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ ඊයේ (12) අලුයම් කාලයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම කළපු ප්‍රදේශය ඔස්සේ කල්පිටිය මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් නිරීක්ෂණය කර පරීක්‍ෂා කිරීමේදී මෙම රත්‍රන් තොගය හමුවී ඇත.

එම ඩිංගි යාත්‍රාව තුළ සූක්‍ෂම ලෙස සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන මෙම රත්‍රන් සහිත පාර්සල් හතර අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 42ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.