තරුණ කථිකාචාර්යවරුන් රැසක් මේ වනවිට රට හැරයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
ඊයේ (12) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එහි සභාපති මහාචාර්ය භරණ ජයවර්ධන මේ බව අනාවරණය කළේ.
මේ හේතුවෙන් උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමේ ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවයි ඔහු සඳහන් කළේ.