යමුනා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් ඉන්දියාවේ දිල්ලි අගනුවර එහි පදිංචිකරුවන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 45කට පසු වාර්තාවූ ඉහළම ජල මට්ටම මෙය බවයි දිල්ලියේ මහ ඇමති පැවසුවේ.
ජූනි මාසය අවසානයේ සිට හිමාචල් ප්‍රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.