ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද ඊයේ (12) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිතය.
නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
කෙසේනමුත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ බදු ඉහළ දැමීමක් සිදුවුවද කිරිපිටි මිලෙහි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවයි.