දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩාවෙකු නිවුන් පැටවුන් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පැන්ඩා මව දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයක දිවි ගෙවන අතර ඇය ගැහැණු පැටවුන් දෙදෙනෙක් බිහි කර ඇත.
පැටවුන් දෙදෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි සත්වෝද්‍යාන බලධාරීන් පැවසුවේ.
යෝධ පැන්ඩා යනු සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති, ජාත්‍යන්තර රතු දත්ත පොතටද ඇතුළත් කර ඇති සත්ත්වයෙකි.