පසුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල නිවසට එල්ල වූ අසූචි හා ගල් ප්‍රහාරය ගැන පොලිසිය මැදිහත්වී පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර රාජ්‍ය ඇමති සරත් විරසේකරගේ සහායද ඒ සදහා ලැබී තිබේ.
මීට කලකට පෙර කොරෝනා නීති කඩමින් පියුමි හංසමාලි සාදයකට සහභාගී වීම නිසා අත්අඩංගුවට පත්ව බදුල්ල ‘ඩොටේ’ ස්ථානයකට රඳවන්නට ගෙන යද්දී ඇයට යට ඇඳුම් ආයිත්තම් සපයන ලද්දේ සරත් වීරසේකර රාජ්‍ය ඇමතිවරයා බවටත් ඒවා ප්‍රවාහනය කළේ රාජ්‍ය ඇමතිවරයාගේ වෛද්‍ය පුත්‍රයා බවටත් නොයෙක් කටකතා සමාජ මාධ්‍ය පුරා පැතිරුණි. එම ආරංචිය මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට ක්‍රියා කළේ කළේ චමුදිතයි. චමුදිතගේ මෙම ක්‍රියාව නිසා රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදීත් උසුළු විසුළුවලට ලක්විය.
මේ හේතුවෙන් ඇමති පුතුට චමුදිත කෙරෙහි යම් කෝපයක් පවතින බවට සැක නැත.
චමුදිතගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු ඇමතිවරයාගේ වෛද්‍ය වෘත්තියේ නියැළෙන මෙකී පුත් ‘සචිත්ර අධීෂ වීරසේකර’ සිය ෆේස්බුක් ගිණුම හරහා අමුතු ප්‍රතිචාරයක් පළ කර ඇත. එහි සඳහන් වන්නේ ‘ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙලා දකිමු…’ යන වයංගාර්ථ වැකියකි.
මෙම පෝස්ටුව මේ වනවිට සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. මෙම වැකිය පළ කිරීමෙන් පසු ඒ සම්බන්ධ බොහෝ විවේචනාත්මක කොමෙන්ටුද ඒ යටතේ පළව ඇත.