ඉන්දීය අගමැති මෝදි ජාතික දින උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට ප්‍රංශයට පැමිණ තිබේ.
තෙදින සංචාරයක් සඳහා දිල්ලි නුවරින් පිටත් වූ අගමැති මෝදි ඊයේ (13) ප්‍රංශයට ළඟා විය.
පැරිස් ගුවන්තොටුපළේදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය.
ඉන්පසු ඉන්දීය අගමැති මෝදි ප්‍රංශයේ එලිසි මාළිගයට ගියේය.
එහිදී ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් අගමැති මෝදි මහත් උණුසුම් අයුරින් පිළිගත්තේය.
ඉන් අනතුරුව අගමැති හා ජනපති වැදගත් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.