― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"ඩිජිටල් බැරි නම් ඉවත් වෙන්න" - ජනපතිගෙන් රතු එළියක්

“ඩිජිටල් බැරි නම් ඉවත් වෙන්න” – ජනපතිගෙන් රතු එළියක්

රජයේ ආදායම් උත්පාදන කටයුතුවලදී ඩිජිටල්කරණය ඉතා වැදගත් වන බවත් යම් අයෙකු ඊට අකමැති නම් ඔවුන් එම අංශවලින් ඉවත් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාදිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (12) රජයේ නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී භාර දුන් අවස්ථාවේදීය.

රජය වියදම් කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබා ගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා බොහෝදුරට එය රාජ්‍ය වියදම් තුළ සිදු නොවන බවත්, මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ අවධානය යොමු විය යුතු බවත් අවධාරණය කළේය.

ඩිජිටල්කරණයට කාලසීමාවක් ලබා දෙමින් ඒ අනුව ක්‍රියාත්මක වීමට තමා අපේක්ෂා කරන බවත් එහි අඩුපාඩු සිදුවුවහොත් ඊට අදාළ පියවර ගැනීමට සිදුවන බවත් පැවසීය.

ලෝකයේ නව ප්‍රවණතා දෙස බලා රජයට අවශ්‍ය ක්‍රමවේදය සකස් කළ යුතු බවත් විගණන පනත තුළ ඒ සඳහා නව නීති සංශෝධන ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.