― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldබාලි දූපතට එන සංචාරකයින්ට බද්දක්

බාලි දූපතට එන සංචාරකයින්ට බද්දක්

ඉන්දුනීසියාවේ බාලි දූපත වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා ලබන වසරේ සිට බදු පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බාලි දූපතේ සංස්කෘතික ස්ථාන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර බාලිහි ආණ්ඩුකාරවරයා නීති සම්පාදකයින්ට උපදෙස් ලබා දී ඇත්තේ විදෙස් සංචාරකයින් එහි සංචාරය කරන එක් වරකදී පමණක් එම බදු අය කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව බාලි දුපත වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් ලබන වසරේ සිට අමෙරිකානු ඩොලර් 10ක මුදලක් බදු ලෙස අය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.