― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාලි කෝවිල බිඳ ලක්ෂ 25ක රන් සොරකම් කරලා

කාලි කෝවිල බිඳ ලක්ෂ 25ක රන් සොරකම් කරලා

උඩප්පුව ශ්‍රී වීරපද්‍ර කාලි අම්මාන් කෝවිලට ඇතුළු වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමින් යුත් රන් මාල සහ පඬුරු පෙට්ටිය තුළ වූ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

මෙලෙස සොරා ගෙන ඇත්තේ කාලි දෙවියන්ට බැතිමතුන් විසින් පූජා කර ගෙලට දමා තිබූ පවුම් 12කට අධික රන් මාල සහ රනින් සකසා තිබූ කාලි දෙවියන්ගේ නේත්‍රා දෙක බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊට අමතරව පඬුරු පෙට්ටියද කඩා එහි තිබූ විශාල මුදලක් සැකකරු සොරා ගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදි හෙළිවී තිබෙනවා. මුහුණ ආවරණය කර ගෙන පැමිණි පුද්ගලයෙකු කාලි කෝවිලේ එක් පසක තිබූ කුඩා දොරටුවේ ඉබි යතුරු කඩා අද (14) අලුයම කෝවිලට ඇතුළු වන දර්ශණ CCTV කැමරාවල සටහන්ව ඇතැයි සඳහන්.

උඩප්පුව ශ්‍රී විරපද්‍ර කාලි අම්මාන් කෝවිල උඩප්පුව මුහුදු වෙරළ ආසන්නයේ පිහිටා ඇති අතර පැරණි කෝවිල සම්පුර්ණයෙන් නවිකරණය කර වසර තුනකට පෙරයි විවෘත කර ඇත්තේ.

තමන්ගේ ගැටළුවලට පිළිසරණ පතා උඩප්පුව කාලි කෝවිලට විශාල පිරිසක් නිරන්තරයෙන් පැමිණෙන අතර ඉන් බහුතර පිරිසක් උඩප්පුවේ පදිංචි මේ වන විට කැනඩාව, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල රැකියාවල නිරත වන අය බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම සොරකමත් සමග කාලි කෝවිලට ලැදි බැතිමතුන් බරපතල තැති ගැනීමකට ලක්ව ඇතැයි සඳහන්. මෙම සොරකම පිළිබඳව උඩප්පුව පොලිසියට අමතරව පොලිස් ඇඟිලි සලකුණු නිලධාරින් හා පොලිස් ස්ථානීය අපරාධ පරික්ෂණ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.