28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහරාන්ගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සහරාන්ගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සහරාන්ගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඊට අදාළ නඩුව මාර්තු 04 වැනිදා කැඳවීමට නියමිත අතර සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙයි.

ඉකුත් 10 වැනිදා සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊට අදාළව කරුණු දැක්වූ අවස්ථාවේදී මෙම ප්‍රකාශ ලබාගෙන තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කළේ 2019 ජනවාරි 16 වැනිදා වනාතවිල්ලුව අවි පුහුණු ස්ථානය සහ අවි ආයුධ සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව සහරාන්ගේ බිරිඳගෙන් නිලධාරින් 5 දෙනෙකු පමණක් ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බවයි.

විමර්ශන අනුව එදිනම රාත්‍රියේ සහරාන් පැමිණ බිරිඳ සහ පුලස්තිනි නොහොත් සාරා ජෙස්මින් කැටුව ගොස් තිබූ බව අනාවරණ වූ බවත් සහරාන් අත්අඩංගුවට ගත්තේ නම් අප්‍රේල් 21 සිදු වූ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිව තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.