― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරුසියානු ප්‍රහාරයක් ගැන ඇමරිකාවෙන් රතු එළියක්

රුසියානු ප්‍රහාරයක් ගැන ඇමරිකාවෙන් රතු එළියක්

යුක්‍රේනයට රුසියානු ප්‍රහාරයක් එල්ල වීමට තවමත් බොහෝදුරට ඉඩ ඇති බව අමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

ඉන් ඉතා විශාල ජීවිත හානියක් සිදුවිය හැකි බවත් එවැනි පියවරකට තීරණාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනපදය සූදානම් බවත් ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව මේ වනවිට යුක්‍රේන දේශසීමාවේ සිය භටයන් 150,000ක් පමණ රැස් කර ඇත.
කෙසේ වෙතත් රුසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ ඇතැම් හමුදා යුක්‍රේන දේශ සීමාවෙන් ඉවත් වී ඇති බවයි.

තම ආරක්ෂක අමාත්‍යංශයේ සහ බැංකු දෙකක වෙබ් අඩවි සයිබර් ප්‍රහාරයකට ලක් වූ බව යුක්‍රේනය ඊයේ (15) ප්‍රකාශ කළේය. ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යුක්‍රේනයට මීට පෙරද ඊට වඩා ප්‍රබල සයිබර් එල්ල වුණු අවස්ථාවල රුසියාවට චෝදනා කළ බවත් හෙතෙම පවසයි.

ප්‍රබල ආක්‍රමණයක් වෙනුවට රුසියාව, යුක්‍රේනය අස්ථාවර කිරීමට ප්‍රබලත්වයෙන් අඩු ක්‍රම භාවිතා කළ හැකි අතර උදාහරණයක් ලෙස තීරණාත්මක යටිතල පහසුකම්වලට සයිබර් ප්‍රහාර එල්ල කළ හැකි බව එම වාර්තා පෙන්වා දෙයි.

මොස්කව්හි ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් එය බැරෑරුම් ලෙස සැලකිය යුතු බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ජනධිපති බයිඩ්න් සිය ප්‍රතිචාරය දක්වා තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දිගින් දිගටම ආක්‍රමණයක් සම්බන්ධයෙන් පළ වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර රුසියාවට යුරෝපයේ තවත් යුද්ධයක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර ඇත. නොවැම්බරයේ සිට රුසියානු-යුක්‍රේන නොසන්සුන්තා ඔඩු දුවමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අවධාරණය කරයි.