― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනිදුට පළමු තැන අහිමි වෙයි

වනිදුට පළමු තැන අහිමි වෙයි

වනිදු හසරංගට ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමිවල පළමු ස්ථානය අහිමි වී තිබේ.

අද (16) නිකුත් කළ නවතම අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු 20යි 20 තරග දෙකේදී වනිදු කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ නමුත් කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔහුට තෙවැනි 20යි 20 තරගය ක්‍රීඩා කිරීමට නොහැකි විය.

මේ වන විට ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි විසින් යළි හිමි කර ගෙන ඇත. ඔහුට ශ්‍රේණිගත ලකුණු 784ක් හිමිව ඇති අතර වනිදුට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 760ක් පමණයි.

ශ්‍රේණිගත ලකුණු 783 ක් හිමි කර ගනිමින් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබීමද විශේෂත්වයකි.