28.4 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර්ථික බංකොලොත්භාවය සොයන කමිටුව අද රැස්වෙයි

ආර්ථික බංකොලොත්භාවය සොයන කමිටුව අද රැස්වෙයි

ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වතාවට අද (18) රැස්වීමට නියමිතය.

ඒ අනුව ඔවුන් අද (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වනු ඇති බවයි එහි සභාපති නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ.

පළමුවරට කාරක සභාව හමුවට කැඳවන අය පිළිබදව අද සාකච්ඡා කරන බව සභාපතිවරයා සඳහන් කළේය.

එහිදී ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු වූ කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ කාරක සභාව පසුගිය 6 වැනිදා පත්කෙරුණේ මන්ත්‍රීවරුන් 14 කගේ සහභාගීත්වයෙනි.

මෙම විශේෂ කාරක සභාවේ 9 දෙනෙකු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අතර විපක්ෂය නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණකි.