― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආර්ථික බංකොලොත්භාවය සොයන කමිටුව අද රැස්වෙයි

ආර්ථික බංකොලොත්භාවය සොයන කමිටුව අද රැස්වෙයි

ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වතාවට අද (18) රැස්වීමට නියමිතය.

ඒ අනුව ඔවුන් අද (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වනු ඇති බවයි එහි සභාපති නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ.

පළමුවරට කාරක සභාව හමුවට කැඳවන අය පිළිබදව අද සාකච්ඡා කරන බව සභාපතිවරයා සඳහන් කළේය.

එහිදී ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු වූ කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ කාරක සභාව පසුගිය 6 වැනිදා පත්කෙරුණේ මන්ත්‍රීවරුන් 14 කගේ සහභාගීත්වයෙනි.

මෙම විශේෂ කාරක සභාවේ 9 දෙනෙකු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අතර විපක්ෂය නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණකි.