― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනතුරට ලක්වන රියදුරන් වෛද්‍ය පරීක්ෂාවකට

අනතුරට ලක්වන රියදුරන් වෛද්‍ය පරීක්ෂාවකට

රිය අනතුරුවලදී අනතුරට ලක්වන රථවල රියදුරන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.

ඊට අදාළ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මේ වනවිට මත්පැන් පමණක් නෙමෙයි විෂ මත්ද්‍රව්‍යයත් පානය කරලා රියදුරන් වාහන ධාවනය කරනවා. ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් හඳුනාගැනීමෙන් පසුව ඒ අවශ්‍ය උපකරණ ගෙන්වලා මත්පැන් වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් ආරම්භ කරනවා. විශේෂයෙන් මෙවැනි අය අත්අඩංගුවට පත්වුණාට පස්සේ, වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කරලා, අදාළ පරීක්ෂා කිරීම් කරලා තමා ඒ තහවුරු කරගැනීම කරන්නේ. ඉදිරියේ දී විශේෂයෙන්ම මාර්ග රිය අනතුරක් සිදුවුණොත් ඊට අදාළ රියදුරාව වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කරලා විෂ මත්ද්‍රව්‍ය අරගෙන තියෙනවා ද කියලා බැලීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට මුලික සාකච්ඡා පවත්වනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන විසින් මේ සාකච්ඡා ආරම්භ කරලා ඉදිරියේ මේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් දැනට සාකච්ඡා කරමින් යනවා.