― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලක්මව බැබලවූ පැරා ඔලිම්පික් ශූරයින් දිවයිනට

ලක්මව බැබලවූ පැරා ඔලිම්පික් ශූරයින් දිවයිනට

ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය පසුගිය 07 වැනිදා සිට 17 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණේ රටවල් 106ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්. මෙම තරගාවලියේදී T46 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත සහ T44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් තරග කළ සමිත දුලාන් එම ඉසව් වලින් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණා.

ඔවුන් අද (19) උදෑසන 09ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී ගාමිණී කොස්තා, ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත් ඇතුළු එම කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා කමිටුවේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිට තිබෙනවා.