23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මහියංගණය දෙහිගොල්ල ගම්මානයේ නිවසකට අද (19) අළුයම් කාලයේ එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එම නිවෙස් ජීවත්වූ කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් බපරතල තුවාල ලබා ඇතැයි මහියංගණය පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කුඩාගලයාය දෙහිගොල්ල ලිපිනයේ පදිංචිව සිටි ඊ.ජී. දයාවතී නමැති 68 හැවිරිදි කාන්තාවකි.

තුවාල ලබා ඇත්තේ ඇගේ මිනිබිරිය වන පියුමි ලක්ෂානි (23) නමැත්තයකි. අත්තම්මා සහ මිනිබිරිය නිදාගෙන සිටියදී අළුයම 2-30 ට පමණ මෙම වන අලි ප්‍රහාරය සිදුව ඇති අතර මෙම පහරදීමෙන් කාන්තාවන් දෙදෙනාටම බරපතල තුවාල සිදුව ඇති අතර නිවසද බරපතල හානියක් සිදුව තිබේ.

කාන්තාවන් දෙදෙනා මහියංගණය මූලික ‍රෝහලට ඇතුලත් කිරීමෙන් එක් කාන්තාවක් (මිත්තනිය) මියගොස් ඇති බවයොඉ පොලිසිය සඳහන් කළේ.

මහියංගණය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.