29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දු - ලංකා බෞද්ධ සබඳතා ගිවිසුමකට අනුමැතිය

ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ගිවිසුමකට අනුමැතිය

ඉන්දියාව හා මෙරට අතර බෞද්ධ සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

ඒ අනුව දෙරට අතර බෞද්ධ සබඳතාවය ශක්තිමත් කිරීම සදහා ඉන්දීය රජය විසින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් යටතේ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීමට 2022 වසරේ මාර්තු 28 දින අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බවයි අමාත්‍යාරයා පවසන්නේ.

මෙම ගිවිසුම යටතේ බෞද්ධ විහාරස්ථාන හා පිරිවෙන් සඳහා සූර්ය බල විදුලි පහසුකම් සලසා ගැනීම පිණිස අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන වෙන් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.

එම අවබෝධතා ගිවිසුමට අදාළ සංශෝධන සිදුකොට ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවයි වාර්තා වෙන්නේ