28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමුන්ට දෙන එන්නත් ගැන බියවෙන්න එපා

ළමුන්ට දෙන එන්නත් ගැන බියවෙන්න එපා

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත් ඒ අනුව එම එන්නත් දරුවන්ට අනිවාර්යයෙන් ලබා දෙන ලෙසත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ අවධාරණය කළේය.

වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා ගෙන්වා ඇති එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිය තහවුරු කළ ඒවා පමණක් වන බවයි.

ඒ අනුව රෝග නිවාරණය සඳහා අදාළ එන්නත් දරුවන්ට ලබා දීමට දෙමාපියන් කටයුතු කළ යුතු වන බවත් නොඑසේ නම් රෝග රැසක් උත්සන්න වීමට එය හේතුවක් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබා ගැනීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ඒවා බෙදා හැරීම වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සිදු කරනු ලැබේ.