27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවිදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරීමකින් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට

විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරීමකින් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට

විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

ඒ, උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙනි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරෙන් පොලිස් නිලධාරියකු හා ග්‍රාමාරක්ෂකයන් පස් දෙනෙකුද මියගොස් ඇති බවයි.

ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් චමෝලි නගරයේ පිහිටි පිපල්කෝටි ගම්මානයේ පාලමක් මතට වැටී ඇති අතර, පාලම හරහා විදුලිය ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුවාලකරුවන් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලට ඇතුළත් කර ඇති අතර, උත්තරකාන්ද් ප්‍රාන්ත මහඇමති පුෂ්කර් සිං ධාමි විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලධාරින්ට නියෝග කර ඇති බව සඳහන්ය.