26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදිවලින් ආ සිව්දෙනෙක් නිවසක් කොල්ලකාලා

යතුරුපැදිවලින් ආ සිව්දෙනෙක් නිවසක් කොල්ලකාලා

යතුරුපැදිවලින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් නිවසකට ඇතුළු වී තියුණු ආයුධ පෙන්වා නිවැසියන්ටද පහරදී මුදල්, රන් රිදී ආභරණ ඇතුළු භාණ්ඩ රැසක් කොල්ල කා පළා ගිය බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන අරඹා ඇති බව අලුත්ගම පොලිසිය පවසනවා.

බේරුවල, කුරේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (24) රාත්‍රියේ ජේ.සී.බී. යන්ත්‍රයක් ලබාගැනීමට පැමිණි මුවාවෙන් මෙම පිරිස නිවසට ඇතුළු වී තියුණු ආයුධ පෙන්වා එහි සිටි අඹුසැමි යුවළට පහරදී මෙම කොල්ලකෑම සිදුකර ඇති බව සඳහන්.

මෙලෙස කොල්ල කරන ලද භාණ්ඩ අතර, පවුම් හතරක් පමණ බරැති රන්මාලයක්, ග්‍රෑම් 200ක් පමණ බැරැති රිදී අත් පළඳනාවක්, රන් මුදු දෙකක්, තෝම්බුවක්, කරාඹු ජෝඩුවක්, ජංගම දුරකථන හතරක්, අත් ඔරලෝසු තුනක්, යතුරුපැදියක් සහ හෙල්මට් තුනක් සහ රුපියල් දසලක්ෂ හැටදෙදහසක් වටිනා මුදල් ද වනවා.