― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනාන කතක් වීඩියෝ කළ සැරයන් අත්අඩංගුවට

නාන කතක් වීඩියෝ කළ සැරයන් අත්අඩංගුවට

නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර මූලස්ථාන පොලීසිය සඳහන් කළේ මෙම සැරයනරයා ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන අතර මොහු නිවසකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ ආරක්ෂාවට යොදවා සිටි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පොලිස් සැරයන්වරයා හිටපු මන්ත්‍රීවරියගේ නිවසේ රාජකාරියේ නිරතව සිටින අතරවාරයේ යාබද ඉඩමකට හොර රහසේ ඇතුළු වී එම ඉඩමේ පිහිටි නිවසේ නාන කාමරයක සිටි කාන්තාවගේ දර්ශන සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අදාළ කාන්තාව මේ බව දැක කරන ලද පැමිණිල්ලකට අනුවයි සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.