32.2 C
Colombo
Monday, May 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහරගම මවක් සහ දියණියක් අතුරුදන්

මහරගම මවක් සහ දියණියක් අතුරුදන්

මහරගම, පතිරගොඩ විහාරවත්ත පාරේ පදිංචි මවක් සහ දියණියක් අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන් වූ කාන්තාවගේ සැමියා විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ 23 හැවිරිදි මවක හා අවුරුදු 3 ක් වයසැති දියණියක් බවයි.

සැමියා සේවය නිම වී නිවසට පැමිණෙන විට අදාළ කාන්තාව හා දරුවා නිවසේ නොසිටි බවත් සිදු කළ සොයා බැලීම්වලදී මොවුන් පිළිබඳ තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් පවසමින් සැමියා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.