― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහරගම මවක් සහ දියණියක් අතුරුදන්

මහරගම මවක් සහ දියණියක් අතුරුදන්

මහරගම, පතිරගොඩ විහාරවත්ත පාරේ පදිංචි මවක් සහ දියණියක් අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන් වූ කාන්තාවගේ සැමියා විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ 23 හැවිරිදි මවක හා අවුරුදු 3 ක් වයසැති දියණියක් බවයි.

සැමියා සේවය නිම වී නිවසට පැමිණෙන විට අදාළ කාන්තාව හා දරුවා නිවසේ නොසිටි බවත් සිදු කළ සොයා බැලීම්වලදී මොවුන් පිළිබඳ තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් පවසමින් සැමියා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.