― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅපේ කුරුඳු දැන් චීනයටත්

අපේ කුරුඳු දැන් චීනයටත්

ඉදිරියේදී මෙරට කුරුඳු චීනය වෙතද අපනයනය කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී දිස්නා පැවසුවාය.

මේ වනවිටත් මෙක්සිකෝව, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලට මෙන්ම පේරු රාජ්‍ය වෙතද කුරුඳු අපනයනය කරන අතර ලොව ඇති ඉහළම කුරුඳු පවතින්නේ ශ්‍රී ලංකාවේය.

අපනයන වෙළෙඳපොළ තුළ කැෂියා කුරුඳු සහ සත්‍ය කුරුඳු ලෙස කුරුඳු වර්ග දෙකක් පවතින අතර මේ අතරින් සත්‍ය කුරුඳුවලට අනුකරණයක් ලෙස කැෂියා කුරුඳු හඳුන්වාදී තිබේ. නමුත් මෙම කුරුඳු සත්‍ය කරුඳුවල ගුණාත්මක බවට වඩා ගුණාත්මක බව අතින් පහළින් ඇති බැවින් ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සත්‍ය කුරුඳු සඳහා තවමත් විශාල ඉල්ලුමක් පවතී.

මෙම කැෂියා කුරුඳු නිෂ්පාදන රටවල් අතර මේ වන විට චීනය ඉහළින්ම සිටින නිෂ්පාදකයෙක් වේ. එබැවින් මෙරට කුරුඳු චීනය වෙත අපනයනය කිරීමට අවස්ථාව හිමිවුවහොත් එය මෙරට අපනයන ක්ෂේත්‍රයේ සුවිසල් පිම්මක් වනු ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ.