30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅසැබි ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරි තරුණියකට දඬුවම්

අසැබි ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරි තරුණියකට දඬුවම්

අසභ්‍ය ඡායාරූප නිර්මාණය කිරීම, ඒවා සන්තකයේ තබා ගැනීම සහ එම රූප සමාජ මාධ්‍යයට මුදා හැරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණියකට අනුරාධපුර අධිකරණය විසින් දඬුවම් නියම කර තිබේ.

අනුරාධපුර, විලුවනාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකටයි මෙම දඬුවම් නියම කර ඇත්තේ.

එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් තරුණියට නියෝග කර ඇත්තේ චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් 1500 බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙසත් යළි මෙවැනි වැරදි නොකරන ලෙසත්ය.

එමෙන්ම විත්තිකාරියගේ ජංගම දුරකථනයේ ඇති අසභ්‍ය ඡායාරූප යළි ලබාගත නොහැකි ලෙස මකා දමා සිම්පත සහ මෙමරි කාඩ්පත විනාශ කරන ලෙස අනුරාධපුර පොලිස් තොරතුරු කෙට්ඨාසයේ ස්ථානධිපතිවරයාට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.