― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාරට එන අලින්ට කෑම දෙන අයට නීතිය තදින්

පාරට එන අලින්ට කෑම දෙන අයට නීතිය තදින්

කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහා මාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින අතර මේ හේතුවෙන් එම මාර්ගවල ගමන්ගන්නා වාහනවලට බාධා කරමින් වන අලින් ආහාර ලබාගැනීමට පෙළඹී තිබේ.

මේ හේතුවෙන් කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන්ගන්නා අවස්ථාවලදී වන සතුන්ට ආහාර ලබාදීමෙන් වැළකී සිටින ලෙසයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය වරදක් වන බවයි.