බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව යටතට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (26) අලුයම නයිජර්හි ජනාධිපති මොහොමඩ් බසූම් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති අතර ඒ අනුව එරට තුළ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවා හැර සියලු ආයතන අත්හිටුවා ඇති බවයි නයිජර් හමුදා පවසන්නේ.